අද (07) පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ විය.
අද දිනයේ උත්තේජක ද්‍රව්‍යවලට එරෙහි සම්මුති පනත, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ මහ බැංකු පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය.
එමෙන්ම දේශීය ආදායම් (සංශෝධන) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවනවර කියවීමටත් සැලසුම් කර ඇත.
පාර්ලිමේන්තු සභාවාරය අද ආරම්භ වෙයි

