ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය හි නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමෙන් වළක්වා බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වේ.
නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන TankerTrackers ආයතනය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාව වන Channel 16 ඔස්සේ ලැබුණු පටිගත කිරීම් මගින් මෙම තොරතුරු තහවුරු කළ බවයි.
මෙම සිදුවීමේදී වෙඩි තැබීම් ද සිදුව ඇති බව වාර්තා වන අතර, එම නෞකා අතරින් එකක් ඉරාක බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් ඉන්දීය ධජය සහිත විශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවක් බව සඳහන් වේ.
ඒ අතර, අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීමට එරෙහිව ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත තම සන්නද්ධ බලකා පාලනය යටතට ගත් බවද ප්‍රකාශ කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 දින අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර, එයට ප්‍රතිචාර ලෙස ඉරානයද ප්‍රහාර එල්ල කර තිබුණි.
ඊට පසුව පාකිස්තානය මැදිහත්වීමෙන් අප්‍රේල් 8 වනදා සිට සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
එහෙත්, එම විරාමය අතරතුරද මෙම නවතම ගැටුම වාර්තා වීම කලාපීය ආරක්ෂාව පිළිබඳ යළිත් සැක මතු කර ඇත.
මෙවැනි පසුබිමක, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාම සාකච්ඡා ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට උත්සාහ කරමින් පවතින අතර, මෙම සිදුවීම ඒවාටද බලපාන හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය නෞකා දෙකක් ආපසු හරවයි

