Homeසියලුම පුවත්වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ වසරේ ජනවාරි 1 සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ සංචාරකයින් 809,595ක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඒ අනුව, මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 සීමාව ඉක්මවා ඇත.
එම සංචාරකයින් අතර වැඩි පිරිසක් ඉන්දියාව නගරිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 167,095ක් ලෙස වාර්තා වේ.
ඊට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය වැනි රටවලින්ද විශාල සංචාරක පිරිසක් මෙරටට පැමිණ තිබේ.
මේ අතර, අප්‍රේල් 1 සිට 15 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 68,961 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද එම අධිකාරිය පවසයි.
කෙසේ වෙතත්, පසුගිය මාස සමඟ සසඳන විට අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සටහන් වූ පරිදි පහළ ගොස් ඇති බවද මෙම දත්තවලින් පෙනී යයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments