Monday, April 20, 2026
Homeසියලුම පුවත්හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

පියසේන ගමගේ මහතා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
අල්ලස් කොමිසම පවසන්නේ, 2015 වසරේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 134 දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති බවයි.
එමෙන්ම, දේශපාලන හිතවාදී පුද්ගලයින් මෙලෙස බඳවාගෙන ඇති බවත්, යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකුගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට බලපෑම් සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම ක්‍රියා හරහා තම බලය අයුතු ලෙස භාවිතා කර “දූෂණය” සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළ අතර, ඔහුට විදේශ ගමන් තහනම් කර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද අවවාද කර ඇත.
මෙම නඩුව අගෝස්තු 21 වනදා යළි කැඳවීමට නියම කර ඇති අතර, එදින විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට ද නියෝග කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments