Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100 ඉක්මවූ වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනුව, අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ලැබිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments