Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්

පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්

පාස්කු ප්‍රහාරය 2019 සිදුවී අදට වසර 7ක් සම්පූර්ණ වේ.
එම සිදුවීම ස్మරණය කිරීම සඳහා දිවයින පුරා දේවස්ථානවල අද (21) විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, වින්දිතයින් සිහිපත් කරමින් දෙව්මැදුරවල විශේෂ සැමරුම් පැවැත්වීමට නියමිත බවයි.
ඒ අනුව මළවුන් වෙනුවෙන් සීනුව නාද කිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා ගැනීම, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම සහ යාඤා මෙහෙය පැවැත්වීම අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවේදී ශාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඩේ හි විශේෂ දේව මෙහෙයක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වේ.
එමෙන්ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තුළද විශේෂ දේව මෙහෙයක් සංවිධානය කර ඇත.
ඊට අමතරව මාරිස්ටෙලා ක්‍රීඩාංගණය මීගමුව සිට යැදුම් පා ගමනක් අද පස්වරු 4ට ආරම්භ කර කටුවාපිටිය දේවස්ථාන පරිශ්‍රයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments