කළුගල් කුඩු ප්රවාහනය කළ ලොරි රථයක පිටුපස දොර විවෘත වීම හේතුවෙන් පාර පුරා ගල්කුඩු වැටී, කොළඹ – ගාල්ල මාර්ගයේ කළුතර වෙට්ටුමකඩ ප්රදේශයෙන් එක් මංතීරුවක් වසා දැමීමට සිදුව තිබේ.
කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ, මීටර් 800කට ආසන්න දුරක් පුරා මෙම ගල්කුඩු පැතිරී ඇති බවයි.
එම මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යතුරුපැදි හතරක්ද මෙම තත්ත්වය හේතුවෙන් අනතුරට පත්ව ඇති බව වාර්තා වෙයි.
අද (23) අලුයම කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ ලොරි රථයකින් මෙම ගල්කුඩු වැටී ඇති අතර, අනාරක්ෂිත ලෙස භාණ්ඩ ප්රවාහනය කළ එම ලොරි රථය පොලීසිය විසින් භාරයට ගෙන තිබේ.
පාර පුරා ගල්කුඩු වැටීමෙන් යතුරුපැදි 4ක් අනතුරට

