Homeසියලුම පුවත්ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් මෙරට ජනතාවගේ ආයු කාලය ඉහළට

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනෙන් මෙරට ජනතාවගේ ආයු කාලය ඉහළට

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හේතුවෙන් පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ආයු කාලය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කළේ, දරුවන්ට එන්නත් ලබාදීම මඟින් බොහෝ රෝග පාලනය කරගැනීමට හැකි වී ඇති බවයි.
ලෝක ප්‍රතිශක්තිකරණ සතියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ, 1978 සිට ක්‍රියාත්මක ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් පෝලියෝ, නියෝනේටල් ටෙටනස් සහ රුබෙල්ලා වැනි රෝග තුරන් කිරීමට හැකි වී ඇති බවයි.
එමෙන්ම, එන්නත් මඟින් අනෙකුත් රෝගවලින්ද ආරක්ෂාව ලබාගැනීමේ හැකියාව වැඩි වී ඇති අතර, ඒ හේතුවෙන් දරුවන්ගේ මරණ අනුපාතය අඩුවීම සහ ජනතාවගේ ආයු කාලය ඉහළ යාමට මෙම වැඩසටහන විශාල දායකත්වයක් ලබාදී ඇති බවද ඔහු අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments