Homeසියලුම පුවත්පියා–පුතා අතර ගැටුමක් මරණයකින් අවසන් වෙයි

පියා–පුතා අතර ගැටුමක් මරණයකින් අවසන් වෙයි

තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය ඊයේ (24) උදෑසන මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක් වූ පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කළේ, පියා හා පුතා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
සිද්ධියට අදාළව වයස අවුරුදු 33ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන මාතලේ පොලීසිය විසින් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments