ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ වසරේ ජනවාරි 1 සිට අප්‍රේල් 22 දක්වා කාලය තුළ සංචාරකයින් 840,411 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියානු සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් ලෙස වාර්තා වේ. බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින්ද සැලකිය යුතු සංචාරක පැමිණීම් සිදුව ඇති බවද අධිකාරිය සඳහන් කරයි.
එම කාලය තුළ පමණක් අප්‍රේල් 1 සිට 22 දක්වා සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත්, පසුගිය මාස සමඟ සැසඳීමේදී අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම් අඩුවීමක් දක්නට ලැබෙන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දී ඇත.
මේ වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් 840,000 ඉක්මවයි

