සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා වන කරන්දෙණිය රාජුගේ නිවසේ ගෙවත්තේ සිදුකළ සෝදිසියකදී, වළ දමා තිබූ රුසියාවේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 15ක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරන්නේ, මෙම ගිනිඅවිය රාජු විසින් මෙහෙයවූ බව සැක කරන ඝාතන කිහිපයකට භාවිත කර ඇති බවටද සැක පවතින බවයි.
කරන්දෙණිය රාජුගේ ගෙවත්තේ සොයාගත් රුසියානු නිෂ්පාදිත ගිනිඅවිය

