ප්‍රදේශ කිහිපයකට අද (27) පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට බලපාන බව සඳහන් වේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු හා සුළං හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදයක් – කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්

