කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ චීවරධාරීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජෙපාල මහතා පවසයි.
අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වන අතර කිසිවෙකුට විශේෂ වරප්‍රසාද නොලැබෙන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, විමර්ශන ප්‍රතිඵල අනුව ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
එසේම, රට පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්ට එරෙහිව කටයුතු කිරීම දිගටම සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති කියයි

