Homeසියලුම පුවත්ලෝක සාමය අරමුණු කරගත් “එහිපස්සිකෝ” සාම පාගමන අවසන්

ලෝක සාමය අරමුණු කරගත් “එහිපස්සිකෝ” සාම පාගමන අවසන්

ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන දින 07ක් පුරා පැවති “එහිපස්සිකෝ” සාම පාගමනේ අවසන් උත්සවය අද (28) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
වියට්නාමයේ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු විදෙස් භික්ෂුන්ගේ සහභාගීත්වයෙන් දඹුල්ලෙන් ආරම්භ වූ මෙම පාගමන කිලෝමීටර් 210කට වැඩි දුරක් ගමන් කරමින් කොළඹට ළඟා විය.
මෙම පාගමන මගින් කරුණාව, මෛත්‍රීය සහ සාමයේ වැදගත්කම ලෝකයට පණිවිඩයක් ලෙස ප්‍රකාශ වූ අතර, ශ්‍රී ලංකාවේ නව ආගමික උද්යෝගයක් ද උද්දීපනය කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම, රටේ සාමය සහ සමාජ සදාචාරය වර්ධනය කිරීමට ආගමික සංස්ථාවන්ට ඇති වැදගත්භාවයද මෙහිදී අවධාරණය කෙරිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments