අද (29) දිනය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදයක් නිකුත් කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු, උතුරු-මැද, දකුණු හා වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා අද රාත්‍රී 11.30 දක්වා මෙම අවවාදය බලපැවැත්වේ.
එම ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළංද ඇතිවිය හැකි බව සඳහන් වේ.
අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලින් වළකීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

