ප්රීමා සමාගම අද (29) සිට තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.
ඒ අනුව, පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇති අතර, මීට පෙර රු.220ක් වූ පාන් පිටි කිලෝග්රෑමයක මිල දැන් රු.225ක් වී තිබේ.
ප්රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව සමාගම සඳහන් කරයි.
තිරිඟු පිටි මිල රු.5කින් ඉහළට

