Homeසියලුම පුවත්ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර බේරූට් වෙත ඊශ්‍රායල ප්‍රහාර

ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කර බේරූට් වෙත ඊශ්‍රායල ප්‍රහාර

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර බේරූට් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙන දහියෙහ් ප්‍රදේශයට වන අතර, එහිදී ගොඩනැගිල්ලකට දැඩි හානි සිදුව ඇති බව සඳහන් වෙයි.
බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ රඩ්වාන් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමයෙන් අනතුරුව බේරූට් වෙත එල්ල වූ පළමු ප්‍රහාරය මෙය බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments