Homeසියලුම පුවත්දෙනියායේ පාසල් 4ක් හෙට වසා දැමේ

දෙනියායේ පාසල් 4ක් හෙට වසා දැමේ

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව දෙනියාය කලාප අධ්‍යාපන බලධාරීන් සඳහන් කර ඇත.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා තැබෙනු ඇත.
සිසුන් සහ ගුරුවරුන් අතර රෝගී තත්ත්වය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments