ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළි ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.59කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 101.65ක් දක්වා වාර්තා වී තිබේ.
එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලද සියයට 1.95කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන්ව ඇත.
වෙළෙඳපොළ දත්ත අනුව, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස වාර්තා වී තිබේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

