විජේ මහතා තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස පත්වීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව සපුරා ගැනීමට සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය පසුගිය මැතිවරණයේදී ආසන 108ක් දිනාගෙන තිබූ අතර, අනෙකුත් පක්ෂ කිහිපයක සහය ලබාගැනීමෙන් එම සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව, තමිල්නාඩුවේ නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරය මේ වනවිට තහවුරු වී ඇති බවද වාර්තා වේ.
විජේට තමිල්නාඩු බලය ලැබෙයිද?

