ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා විදුලි පරිභෝජනය ඒකක 180ට වැඩි කාණ්ඩවලට සියයට 18කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබාදී තිබේ.
මෙම නව ගාස්තු සංශෝධනය හෙට (11) සිට ක්රියාත්මක වන අතර, ගෘහස්ථ පාරිභෝගිකයන් අතර ඒකක 0 සිට 180 දක්වා භාවිත කරන පිරිසට මෙම වැඩිවීම බලපාන්නේ නැත.
කෙසේවෙතත්, ඒකක 181ට වැඩි විදුලි පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන් සඳහා නව ගාස්තු ක්රියාත්මක වන අතර, රජය විසින් රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමටද එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.
විදුලි බිල 18%කින් ඉහළට – හෙට සිට නව ගාස්තු

