Homeසියලුම පුවත්අවධානයෙන් සිටින්න - කාලගුණයෙන් අලුත් අනතුරු ඇඟවීමක්

අවධානයෙන් සිටින්න – කාලගුණයෙන් අලුත් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය සම්බන්ධයෙන් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලීය කැලඹිලි තත්ත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව සඳහන් වේ.
එමෙන්ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් ඇති විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවන් ඇතුළු ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
කෙසේවෙතත්, ඉදිරි පැය 48 තුළ මෙම පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් නොමැති බවද සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments