Homeසියලුම පුවත්වේල්ල වීදියේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්

වේල්ල වීදියේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්

Colombo වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක අද (11) හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 10ක් පමණ එම ස්ථානය වෙත යොමු කර ඇති බව ගිනි නිවන අංශ සඳහන් කරයි.
ගින්නට හේතුව හෝ සිදුවූ හානිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටියි.
එමෙන්ම, පොලීසිය සහ ගිනි නිවන අංශ එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ ගමනාගමනය පාලනය කිරීමට පියවර ගෙන තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments