Homeසියලුම පුවත්ගාල්ලේ සයිබර් අපරාධ සැකය මත ඉන්දීය ජාතිකයින් 110ක් අත්අඩංගුවට

ගාල්ලේ සයිබර් අපරාධ සැකය මත ඉන්දීය ජාතිකයින් 110ක් අත්අඩංගුවට

ගාල්ල ප්‍රදේශයේ ලැගුම්හල් දෙකක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු සයිබර් අපරාධ සිදු කිරීමට සූදානම් වූ බවට සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල පොලිස් නිලධාරීන් සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 19ත් 35ත් අතර පසුවන්නන් බව පොලීසිය සඳහන් කළේය.
ඔවුන් සන්තකයේ තිබී පරිගණක 58ක් සහ ජංගම දුරකථන 79ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගාල්ල පොලීසිය මගින් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments