ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර, තුවාලකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ගාල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

