Homeසියලුම පුවත්නායයෑම් අවදානම ගැන NBRO වෙතින් දැනුම්දීමක්

නායයෑම් අවදානම ගැන NBRO වෙතින් දැනුම්දීමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසන්නේ, දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කඳුකර සහ නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
තද වැසි සමඟ නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ භූමි චලනයන් සිදුවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස NBRO ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම, නිවාස අවට කාණු පද්ධති පිරිසිදු කිරීම, වැසි ජලය නිසි ලෙස බැහැර කිරීම සහ අවදානම් සහිත ගස් හෝ වස්තූන් ඉවත් කිරීම වැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද දැනුම්දී ඇත.
යම් අනතුරු ලක්ෂණ පෙනී යන්නේ නම් වහාම බලධාරීන් දැනුවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද ජනතාවට උපදෙස් ලබාදී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments