Homeසියලුම පුවත්ස්ථාන කිහිපයක සිදූ මාරක අනතුරුවලින් ජීවිත 4ක් අහිමිවෙයි

ස්ථාන කිහිපයක සිදූ මාරක අනතුරුවලින් ජීවිත 4ක් අහිමිවෙයි

දිවයිනේ ස්ථාන කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අහංගම, තිරුක්කෝවිල්, වැලිවේරිය සහ පිටිගල යන ප්‍රදේශවල ඊයේ (13) මෙම අනතුරු වාර්තා වී ඇත.
බොහෝ අනතුරු යතුරුපැදි පාලනයෙන් ඉවත්ව සිදුව ඇති අතර, තුවාල ලැබූ පිරිස රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments