Homeසියලුම පුවත්නාවිකයින්ට සහ ධීවරයින්ට කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

නාවිකයින්ට සහ ධීවරයින්ට කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ සුළං සහ වැසි තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
විශේෂයෙන් කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන් වෙයි.
එම ප්‍රදේශවල මුහුද රළු විය හැකි බැවින් නාවික සහ ධීවර ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලා සිටී

RELATED ARTICLES

Most Popular

Recent Comments