වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සමඟ ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම් මේ වනවිට ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවල තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයන් පවතින බව නිලධාරීන් සඳහන් කරයි.
එම නිසා ගම්පහ, කටාන, වත්තල සහ ගංගා පහළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
තවද ප්‍රධාන ජලාශ කිහිපයක් මේ වනවිටත් වාන් දමමින් පවතින අතර, ඉදිරි කාලගුණික තත්ත්වයන් අනුව අවශ්‍ය පියවර ගන්නා බවද වාර්තා වෙයි.
ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

