Homeසියලුම පුවත්වැසි සහ සුළං හේතුවෙන් නිවාස 141කට හානි

වැසි සහ සුළං හේතුවෙන් නිවාස 141කට හානි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 141ක් අර්ධ හානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය 10 වනදා සිට අද (16) දක්වා මෙම හානි වාර්තා වී ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ එක් නිවසක් පූර්ණ හානියට ලක්ව ඇති බවද සඳහන් වේ.
වැඩිම නිවාස හානි වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර, හානි වූ නිවාස සංඛ්‍යාව 78ක් බව වාර්තා වෙයි.
මේ අතර, මෙම ආපදා තත්ත්වයෙන් පවුල් 1,263කට අයත් පුද්ගලයින් 4,099 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments