හොරණ – කොළඹ ප්රධාන මාර්ගයේ කුඹුක ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ ඉන්ධනහලකින් ඉන්ධන ලබාගෙන මාර්ගයට පිවිසෙමින් තිබූ ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වන පොළොන්නරුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ
හොරණදී මාරක රිය අනතුරක් – අයෙක් මරුට

