ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නවීකරණය කිරීම සඳහා රුසියාවේ තාක්ෂණික හා ආයෝජන සහාය ලබාගැනීමට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම රුසියාවේ කසාන් නගරයේ පැවති XVII ජාත්‍යන්තර ආර්ථික සංසදය අතරතුරදී අත්සන් කර ඇති අතර, එයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සහභාගී වී ඇත.
රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය අතර ඇති මෙම එකඟතාවය මගින් දුම්රිය ක්ෂේත්රයේ තාක්ෂණික දියුණුව සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ
රුසියාව සමඟ දුම්රිය නවීකරණයට ශ්‍රී ලංකාවෙන් අවබෝධතා ගිවිසුමක්

