මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 29,589 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, 2026 මැයි 18 වනවිට ඩෙංගු මරණ 15ක් වාර්තා වී ඇති බවයි.
බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, දකුණු සහ සබරගමුව පළාත් ඊට පසු ස්ථාන ගන්නා බවද ඇය පැවසුවාය.
දිස්ත්‍රික්ක මට්ටමින් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් හඳුනාගෙන ඇති බවද සඳහන් වේ.
එමෙන්ම පාසල්, රාජ්‍ය ආයතන, වැඩබිම් සහ ආගමික ස්ථාන ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
ඩෙංගු රෝගීන් ඉහළට – මරණ 15ක් වාර්තා වෙයි

