රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 24 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර, ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි මුදල් අයකැමිවරයෙකු බව වාර්තා වේ.
ඔහු රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී පැකට් 19ක අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 365ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.
රු. කෝටි 8ක කුෂ් සමඟ කැෂියර්වරයෙක් කටුනායකදී අත්අඩංගුවට

