ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (27) දිනයේත් පහළ යෑමක් වාර්තා වී ඇති අතර, ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට අඩු මට්ටමක සටහන් වී තිබේ.
වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.33ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ද ඩොලර් 97.33ක් ලෙස වාර්තා වී ඇති අතර, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.05ක් දක්වා පහළ ගොස් තිබේ.
බොරතෙල් මිල අඛණ්ඩව පහළ යාම ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ අවධානයට ලක්ව ඇති ප්‍රවණතාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

