Homeසියලුම පුවත්ඉබෝලා වෛරසයට එරෙහි නව එන්නතක් බ්‍රිතාන්‍යයෙන්

ඉබෝලා වෛරසයට එරෙහි නව එන්නතක් බ්‍රිතාන්‍යයෙන්

University of Oxford හි විද්‍යාඥයින් විසින් කොංගෝ රාජ්‍යයේ පැතිර යන දුර්ලභ ‘බන්ඩිබුගියෝ’ (Bundibugyo) ඉබෝලා වෛරස් ප්‍රභේදයට එරෙහි නව එන්නතක් සංවර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම එන්නත සඳහා සායනික පරීක්ෂණ ඉදිරි මාස 2ත් 3ත් අතර කාලය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, දැනට සත්ව පරීක්ෂණ සිදුකරමින් පවතී.
බන්ඩිබුගියෝ ඉබෝලා ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයන්ගෙන් තුනෙන් එකක් පමණ මියයන අතර, මේ වනවිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ මරණ 177ක් වාර්තා වී තිබේ.
මෙම එන්නත නිපදවීම සඳහා කොවිඩ්-19 සමයේ භාවිත කළ Oxford-AstraZeneca එන්නතේ ChAdOx1 තාක්ෂණය යොදාගෙන ඇති අතර, වෛරස්වලට අනුව ඉක්මනින් වෙනස් කළ හැකි තාක්ෂණයක් ලෙස එය සැලකේ.
පරීක්ෂණ සාර්ථක වුවහොත්, Serum Institute of India ආයතනය මඟින් එන්නත මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.
මෙම එන්නත සාමාන්‍ය ජනතාවට පුළුල් ලෙස ලබාදීම වෙනුවට “Ring Vaccination” ක්‍රමවේදය යටතේ රෝගීන්ගේ සමීපතයන් සහ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛත්වයෙන් ලබාදීමට සැලසුම් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments