නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින් අද දිනයේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතටත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් පස්වරු 1.00න් පසුව ස්ථානීය වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ තවත් ප්‍රදේශ කිහිපයක පැ.කි.මී. 30–40 දක්වා තරමක තද සුළංද අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවට දැනුම් දී ඇත.
නිරිත දිග ප්‍රදේශවලට අද තද වැසි – මි.මී. 75 ඉක්මවිය හැක

