දිස්ත්රික්ක 4කට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස 17ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම අනතුරු ඇඟවීම් අද (28) පස්වරු 4.00 සිට හෙට (29) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.
ඒ අනුව, කළුතර දිස්ත්රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්රික්කයේ අයගම, ඇහැළියගොඩ, කුරුවිට හා රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එසේම, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට පළමු අදියරේ නායයෑමේ අනතුරු ඇඟවීම්ද ක්රියාත්මක කර ඇත.
නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

