Homeසියලුම පුවත්රථ වාහන දඩ නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

රථ වාහන දඩ නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

රථ වාහන වැරදි සිදුකළ බව පවසමින් පොලීසිය නමින් SMS සහ WhatsApp පණිවුඩ යොමු කර ජනතාවගේ බැංකු හා කාඩ්පත් තොරතුරු සොරාගන්නා ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු අඟවා තිබේ.
මෙම ජාවාරම්කරුවන් GOV PAY වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති අතර, රථ වාහන දඩ ගෙවීමට එම පිවිසුම් භාවිත කරන ලෙස ජනතාවට පණිවුඩ යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එම වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයින්ගේ CREDIT කාඩ්පත් තොරතුරු ඇතුළු සංවේදී දත්ත ලබාගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවද අනාවරණ වී තිබේ.
ඒ අනුව, මෙවැනි පණිවුඩ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, නිල පොලිස් දැනුම්දීමකින් පසු පමණක් govpay යෙදවුම හරහා දඩ මුදල් ගෙවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments