Homeසියලුම පුවත්මාතර - හක්මණ මාර්ගයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

මාතර – හක්මණ මාර්ගයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව අද (29) මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
සර්වඥ ධාතු පෙරහර හේතුවෙන් අද සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා මාතර – හක්මණ මාර්ගයේ තිහගොඩ ජාතික පාසල අසල සිට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට නියමිතය.
පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ආරම්භ වී මාතර දෙසට ගමන් කරමින් මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අසලින් අවසන් වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments