වෙසක් සමයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ් යූ වුට්ලර් මහතා පවසයි.
පොලීසිය සඳහන් කළේ, පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම ආරක්ෂක වැඩපිළිවෙල සකස් කර ඇති බවයි.
වෙසක් කලාප, දන්සල් සහ පූජනීය ස්ථාන ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, අපරික්ෂාකාරී සහ අනතුරුදායක ලෙස ධාවනය කරන වාහන පිළිබඳ 070-4755600 WhatsApp අංකයට හෝ 119 සහ 118 දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
වෙසක් සමය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

