බදුරලිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කිලෝ 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
තුඹගල්ල කන්ද ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 362යි මිලිග්‍රෑම් 87ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකරුවන් සොයා බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කිලෝ 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

