Homeසියලුම පුවත්මධ්‍යම අධිවේගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ වැඩ අද ඇරඹේ

මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ වැඩ අද ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ දෙවන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ වනවිට පොතුහැර සිට රඹුක්කන දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුවන අතර, එය ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක් වැය වන අතර, රඹුක්කන සිට ගලගෙදර දක්වා දෙවන අදියර සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් දේශීය මූල්‍ය ප්‍රතිපාදන මගින් සපයා ඇති අතර, ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදුකරනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments