විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණක් බවයි.
ජාති, ආගම් සහ කුල භේදයන් මත බෙදී සිටීම අර්ථ විරහිත බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද ඔහු සිය පණිවුඩයෙන් අවධාරණය කර තිබේ.
එමෙන්ම, ධම්මපදයේ දැක්වෙන “තමන්ගේ පිහිට තමන්මය” යන ධර්මෝපදේශය ජීවිතයට එක්කර ගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු දෙනා කැපවිය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාවට සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමින් ඔහු සිය පණිවුඩය අවසන් කර තිබේ.
විපක්ෂ නායකවරයාගෙන් වෙසක් දින පණිවුඩයක්

