කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (30) පස්වරුවේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අද පස්වරුවේ මි.මී. 50ට වැඩි තද වැසි ඇතිවිය හැක

