ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්රදේශ රැසකට අද (30) සිදුවූ විදුලි විසන්ධි තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු පෞද්ගලික සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ ප්රදේශ 100කට පමණ විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි වූ අතර, එය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
වෙසක් පොහොය සහ දිගු සතිඅන්ත නිවාඩුව හේතුවෙන් විදුලි ඉල්ලුම අඩුවීම නිසා පද්ධතිය තුළ ඇතිවූ අසමතුලිතතාවය මෙම තත්ත්වයට හේතු වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට

