Homeසියලුම පුවත්කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
ගුවන් තොටුපොළ ඒකක නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (30) අලුයම සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදුකර ඇත.
එහිදී එක් සැකකරුවෙකු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකුද පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

RELATED ARTICLES

Most Popular

Recent Comments