රජයේ මත්පැන් සහ බීර නීතිවිරෝධී ලෙස අලෙවි කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) වැල්ලවත්ත දයා පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සහ මත්පැන් තොගය සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වැටලීමේදී මිලිලීටර් 750 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 67ක්, මිලිලීටර් 375 ප්‍රමාණයේ බෝතල් 66ක්, මිලිලීටර් 180 ප්‍රමාණයේ බෝතල් 217ක් සහ මිලිලීටර් 500 ප්‍රමාණයේ බීර කෑන් 327ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.
සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලවත්ත පොලිසිය වෙත භාරදී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
නීතිවිරෝධීව මත්පැන් සහ බීර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

