Homeසියලුම පුවත්එකම පවුලේ සිව්දෙනෙකුට දිවි අහිමි කළ මීගොඩ ඛේදවාචකය

එකම පවුලේ සිව්දෙනෙකුට දිවි අහිමි කළ මීගොඩ ඛේදවාචකය

මීගොඩ හයිලෙවල් මාර්ගයේ දන්සලක් අසල සිදු වූ මාරක අනතුරින් මියගිය පිරිස අතර එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු සිටින බව අනාවරණය වී තිබේ.
මියගිය පිරිස අතර මවක්, ඇයගේ දියණිය, බෑණා සහ ඥාති දියණියක් සිටින අතර, අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ සිටි දෙදෙනෙකු දිවි බේරාගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරුට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවත්, වාහනයේ බලපත්‍රයද කල් ඉකුත්ව තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසුවේ මෙම අනතුර චේතනාන්විතව සිදුකර ඇති බවට සැක කරන අතර, සැකකරුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments