Homeසියලුම පුවත්ඉබෝලා ආසාදිතයන් පස්දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටවෙයි

ඉබෝලා ආසාදිතයන් පස්දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටවෙයි

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ ඉබෝලා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ රෝගීන් පස්දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනට පවතින ඉබෝලා ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලයින් 250කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති නමුත්, රෝගය හඳුනාගත් වහාම ප්‍රතිකාර ලබාගැනීමෙන් සුවය ලැබීමේ හැකියාව පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.
සුවය ලබා රෝහලෙන් පිටව ගිය පිරිස අතර හෙදියන් සහ හෙද නිලධාරීන් සිව්දෙනෙකු මෙන්ම රසායනාගාර සේවකයෙකුද සිටින බව සඳහන් වේ. ඔවුන් සියලු දෙනාටම ආසාදනය වී ඇත්තේ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදීය.
මේ අතර, මෙවර පැතිර යන ඉබෝලා වෛරසය ‘Bundibugyo’ ප්‍රභේදයට අයත් වන අතර, ඒ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති බවද වාර්තා වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments